පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අවසර ලබාදුන්නා.
ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුට අයත් සමාගමක කොටස් ව්‍යාජ ඇටෝර්නි බලපත‍්‍රයක් මගින් ලබාගත්තේ යැයි කියන සිද්ධියකට තමා අත්අඩංගුවට ගැනීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව පවසමින් ඔහු මෙම පෙත්සම ගොනු කර තිබුණා.
ඒ අනුව ගම්මන්පිල මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගෝස්තු මස 15 වන දින විභාගයට ගැනීමට නියමිතයි.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here