Friday, April 19, 2024

General line - 0115112241

ඩෙංගු මඩින්න බැරි වැඩිහිටියන්ගේ ආකල්ප නිසයි




ඩෙංගු රෝගය පාලනය කිරීමට විවිධ වැඩසටහන් සහ ව්‍යාපෘති දියත් කළද මෙතෙක් ඩෙංගු රෝග පාලනයක් පැහැදිළිව දක්නට ලැබෙන්නේ නැහැ. නෙත් නිවුස් ඒ පිළිබඳ විමසා සිිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශිලා සමරවීර මහත්මියගෙන්.

ඇය එහිදී අවධාරණය කළේ කුමන වැඩසටහන් දියත් කළද වඩා වැදගත් වන්නේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීම බවයි. පාසල් දරුවන්ගේ ආකල්ප වෙනස් කරමින් කටයුතු කළත් වැඩිහිටියන්ගේ ආකල්ප වෙනස් කිරීම වඩා අපහසු කාරණයක් වී ඇති බවත් සඳහන් කළා. ඩෙංගු යනුවෙන් විෂයක් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදු කර ඇති බවත් පැවසුවා.

කසල කළමනාකරණයද නිසි පරිදි සිදු නොවන තාක්කල් ඩෙංගු රෝගයද පාලනය නොවනු ඇතැයි ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළා.

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සොයා නිවාසවල සෝදිසි මෙහෙයුම් සිදු කළද රජයේ ආයතනවල වැඩි වශයෙන් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඇතැයි ඇය පැවසුවා. ඒ අනුව ඉදිරි මදුරු මර්ධන වැඩසටහන්වල ප‍්‍රමුඛ ඉලක්කයක් වන්නේ පාසල් සහ රජයේ ආයතන බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශිලා සමරවීර මහත්මිය කියා සිටියේ.