Tuesday, April 23, 2024

General line - 0115112241

එරන්ද වැලිඅංගේ අභියෝගතා කුසලාන දෙසැම්බරයේ




“නීතිඥ එරන්ද වැලිඅංගේ අභියෝගතා කුසලාන Buddy ක්‍රිකට් තරඟාවලිය” දෙසැම්බර් මස 3 හා 4 යන දෙදින තුළ පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

මෙම තරඟාවලියේ ශූරතාවය සඳහා මුදලින් රුපියල් 100,000.00ක් සමඟින් නීතිඥ එරන්ද වැලිඅංගේ අභියෝගතා කුසලානය පිරිනමනු ලබන අතර අනුශූරතාවය සඳහා මුදලින් රුපියල් 50,000.00 සමඟින් කුසලානය පිරිනමනු ලබනවා.

මෙහිදී තරගයේ වීරයා, තරගාවලියේ වීරයා, හොඳම පිතිකරුවා, හොඳම පන්දු යවන්නා, හොඳම පන්දු රකින්නා යන මුලික දක්ෂතාවයන් පෙන්වන ක්‍රීඩකයින් තෝරාගෙන ඔවුන්ටත් රුපියල් 5,000.00 ක මුදල් ත්‍යාගයක් ලබා දීමට කටයුතු කරන බවද සංවිධායක කමිටුව පවසනවා.

මෙම තරගාවලිය සඳහා සහභාගී විය හැක්කේ කොළඹ දිස්ත්‍රික්කය තුළ වාසය කරන තරගකරුවන් හට පමණක් වන අතර තරගාවලිය සඳහා සහභාගී වන සියළුම කණ්ඩායම් 2016.12.03 වන දින උදෑසන 8.00 ට පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගනය වෙත පැමිණිය යුතු බවද සංවිධායක කමිටුව දන්වා සිටිනවා.

තරගාවලිය අවසන් දින රාත්‍රීයේ දිවයිනේ ජනප්‍රියතම ගායක ගායිකාවන් ගී ගයන “Sahara Flash” සංගීත නාද රටාවෙන් හැඩවන මහා සංගීත රාත්‍රියක් පැවැත්වීමටද “නීතිඥ එරන්ද වැලිඅංගේ පදනම” විසින් මේ වන විට සියළු කටයුතු සුදානම් කර තිබෙනවා.

15218609_1692539104408025_1984572819_n