Thursday, April 25, 2024

General line - 0115112241

“ගමේ දරුවා ගමට සීමා කරලා”




අද වන විට සියයට විස්සකින් පමණ සෑම දෙයකම මිල වැඩි වී ඇති බවත් ජනතාවගේ ජීවන වියදම ඉහළ ගොස් ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කල්පිටිය ප‍්‍රදේශයේදී භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළා.

අද ගමේ ඉගෙන ගන්න දුප්පත් දරුවා ගමට සීමා කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.  පාසල් ළමුන් අඳින නිළ ඇඳුම් වරක් දෙවරක් සේදූ පසු යළි ඇඳීමට පවා නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.