Saturday, April 20, 2024

General line - 0115112241

යූ ආර් අ ලීඩර් නායකත්ව වැඩමුළුවේ දෙවැනි දිනය සාර්ථකව නිමාවෙයි (UPDATE)




වැලිමඩ කැප්පෙටිපොළ මහා විද්‍යාලයේදී පැවැත්වුණ නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු සහ පෞරුෂ සංවර්ධන වැඩසටහනේ දෙවන දිනය අද (27) පස්වරුවේ සාර්ථකව අවසන් කෙරුණා.

අද දිනයේ මව්පියන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පැවැත්වුණු බවයි එහි සිටින නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු ප‍්‍රමිත සාගරගේ පැවසුවේ.

විද්‍යාලීය ඉහළ ශ්‍රේණිවල සිසුන්ගේ මව්පියන් වෙනුවෙන් සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින දරු දැරියන්ගේ දෙමව්පියන් වෙනුවෙන් එම විශේෂ වැඩසටහන කොටස් දෙකකින් පැවැත්වුණු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

දෙමව්පියන් වෙනුවෙන් පැවැත්වුණු සම්මන්ත‍්‍රණයට සහභාගි වූ මව්පියන් කිහිපදෙනෙකු ද මෙලෙස අදහස් පළ කළා.

වැඩසටහන සම්බන්ධයෙන් විද්‍යාලයේ විදුහල්පති සරත් සමරකෝන් මෙලෙස අදහස් පළ කළා.

මේ අතර විද්‍යාලයේ ඉහළ ශ්‍රේණිවල සිසුන්ට සහ විද්‍යාලයේ ගුරුවරුන් වෙනුවෙන් විශේෂ දේශන 2ක් හෙට පැවැත්වෙනවා. දෙදින කඳවුරට සහභාගි වූ සිසුන්ගේ විසිර යාමේ උත්සවය පැවැත්වෙන්නේ ද හෙට දිනයේයි.


යූ.ආර්.අ. ලීඩර් නායකත්ව වැඩමුළුවේ දෙවන දිනය අද

Nov 27, 2016 @ 06:00

වැලිමඩ කැප්පෙටිපොළ මහා විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිවුස් සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු සහ පෞරුෂ සංවර්ධන වැඩසටහනේ අද (27) දෙවන දිනයයි.

ඒ පිළිබද සැකසූ කෙටි වාර්තාවක් පහතින් දැක්වෙයි.

මෙම වැඩසටහනට සිය දරු දැරියන් සම්බන්ධ කරවීමට හැකිවීම පිළිබඳව අදහස් දක්වමින් බොහෝ දෙමව්පියන් සඳහන් කළේ සිය පළාතට මෙවැනි වැඩසටහනක් පැවැත්වූ පළමු අවස්ථාවද මෙය බවයි.

මේ අතර අද පස්වරු 1.30 සිට 3.30 දක්වා ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරු දැරියන්ගේ දෙමව්පියන්ට විශේෂ දේශණයක් පැවැත්වෙනවා.

පස්වරු 3.30 සිට 5.30 දක්වා දෙමව්පියන් වෙනුවෙන් තවත් විශේෂ දේශණයක්ද පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

මෙම දේශණ දෙක සදහාම ප‍්‍රදේශයේ ඕනෑම පාසලක ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියන්ට සහභාගි විය හැකියි.


නෙත් නිවුස් යූ.ආර්.අ. ලීඩර් නායකත්ව වැඩමුළුව වැලිමඩදී 

(Nov 26, 2016 @ 17:00)

නෙත් නිවුස් සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු සහ පෞරුෂ සංවර්ධන වැඩසටහනේ 12 වැන්න වැලිමඩ කැප්පෙටිපොළ මහා විද්‍යාලය මූලික කර ගනිමින් අද (26) අලුයම ආරම්භ වුණා.

අද පෙරවරුවේ ශාරීරික ව්‍යායාම්වලින් අනතුරුව දරුවන් සඳහා විශේෂ දේශණ වාර කිහිපයක් පැවැත්වුණා.

ඉන් අනතුරුව දරුවන් වෙනුවෙන් විවිද ක්‍රියාකාරකම් පැවැත්වුණු බවයි නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු ප්‍රමිත සාගරගේ කියා සිටියේ.

විද්‍යාලයේ දරුවන්ගේ දෙමව්පියන් කිහිපදෙනෙකු ද නෙත් නිවුස් සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු වැඩසටහන පිළිබඳ මෙලෙස අදහස් දැක්වූවා.

විද්‍යාලයේ විදුහල්පති සරත් සමරකෝන් මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ හඬපටය පහතින් ඇසිය හැක.

youre-a-leader-1 youre-a-leader-2 youre-a-leader-3 youre-a-leader-4 youre-a-leader-5 youre-a-leader-6 youre-a-leader-7


යූ ආර් අ ලීඩර් වැඩසටහනේ 12 වැන්න හෙට වැලිමඩදී

Nov 25, 2016 @ 20:47

නෙත් නිවුස් සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු සහ පෞරුෂ සංවර්ධන වැඩසටහනේ 12 වැන්න වැලිමඩ කැප්පෙටිපොළ මහා විද්‍යාලය සහ විද්‍යාලෝක ප‍්‍රාථමික විද්‍යාලය මූලික කර ගනිමින් හෙට ආරම්භ වීමට නියමිතයි.

ඊට අදාළ පූර්ව සූදානම් කිරීම් කටයුතු සිදු කෙරෙන බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

නායකත්ව පුහුණු කඳවුර හෙට අලුයම ආරම්භ කිරීමට නියමිතයි. විද්‍යාලයේ දරුවන්ගේ දෙමාපියන් හෙට (26) දිනයේදී පාසල පිරිසිදු කිරීම සඳහා විශේෂ ශ‍්‍රමදානයක්ද සංවිධාන කර තිබෙනවා. එමෙන්ම විශේෂ රුක් රෝපණ වැඩසටහනක්ද හෙට කි‍්‍රයාත්මකයි.