Tuesday, April 23, 2024

General line - 0115112241

ට‍්‍රම්ප් සුළුවෙන් දිනූ ප්‍රාන්තවල ජන්ද යළි ගණන් කරන ඉල්ලීමක් පිළිගනී




අමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද යළි ගණන් කරන ලෙසට කරන ලද ඉල්ලීමක් පිළිගෙන තිබෙනවා. ඒ, විස්කොන්සින් ප‍්‍රාන්තයේ මැතිවරණ කොමිසම විසින්.

හරිත පක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ජිල් ස්ටේයින් අමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද යළි ගණන් කළයුතු යන්න සටනේ සිටින ප‍්‍රධානියෙකු ලෙසටයි සැලකෙන්නේ.

ඇය ඉල්ලා සිටියේ ජනාධිපතිවරයා ලෙස තේරි පත්වූ ඩොනල්ඩ් ට‍්‍රම්ප් සුළු බහුතරයකින් ජයගත් ප‍්‍රාන්තවල ඡන්ද යළි ගණන් කළ යුතු බවයි. විස්කොන්සින් ප‍්‍රාන්තයද ඒ අතරට අයත්.