Friday, April 26, 2024

General line - 0115112241

නාවික හමුදාවට සහ මහනුවරට රග්බි ජයක්




අන්තර් සමාජ ඩයලොග් කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ අද (26) පැවති තරගවලින් ජය වාර්තා කිරීමට නාවික හමුදාව සහ මහනුවර කී‍්‍රඩා සමාජය සමත් වුණා.

නාවික හමුදාව හමුවේ ලකුණු 25 – 24 ක් ලෙස පරාජය වූයේ යුද හමුදාවයි.

මහනුවර කී‍්‍රඩා සමාජය හමුවේ ලකුණු 34 – 9 ක් ලෙස පොලිස් කී‍්‍රඩා සමාජය පරාජයට පත් වුණා.

මෙම තරග පැවැත්වුණේ කොළඹ තුරග තරග පිටියේදී සහ නිත්තවෙලදීයි.