Friday, April 19, 2024

General line - 0115112241

හොකී සම්මේලනයේ කකුලෙන් අදින සංගමයක්




ශී‍්‍ර ලංකා හොකී සම්මේලනයට කටයුතු කරගෙන යාමට අධිකරණයෙන් අවසර ලබාදී තිබියදීත් කොළඹ දිස්ති‍්‍රක් හොකි සංගමය, එහි කටයුතු විවේචනය කරමින් අන්තර්ජාතික හොකී සම්මේලනය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

නෙත් නිවුස් වෙත වාර්තා වුයේ කොළඹ දිස්ති‍්‍රක් හොකී සංගමයේ ලිපි ශීර්ෂයක් යටතේ මෙම ලිපිය යොමුකර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ශී‍්‍ර ලංකා හොකී සම්මේලනයෙන්ද විමසීමක් කළා. අන්තර්ජාතික හොකි සම්මේලනය එම ලිපිය පිළිනොගත් බව තමන්ට දැනුම් දුන් බවයි එම සම්මේලනය පැවසුවේ.

මෙම ලිපිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙසද අන්තර්ජාතික හොකී සම්මේලනය ශී‍්‍ර ලංකා හොකී සම්මේලනයට දැනුම් දී තිබෙනවා.

ශී‍්‍ර ලංකා හොකී සම්මේලනයේ කටයුතු කඩාකප්පල් කිරීමේ අරමුණින් ඇතැම් පුද්ගලයින් අන්තර්ජාතික හොකී සම්මේලනය වෙත අසත්‍යය වාර්තා ලබාදී ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.