Thursday, April 25, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවට ලකුණු 161ක ඉලක්කයක්




තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන අවසන් මහා තරගය ජයගැනීම සඳහා ශ‍්‍රී ලංකාවට ලකුණු 161ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 36යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 160ක් පමණයි.

ඒ අනුව මේ වන විට පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 6ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 43ක් රැස්කර සිටිනවා.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ධනංජය ද සිල්වා ලකුණු නොලබා දැවී ගියා. නිරෝෂන් දික්වැල්ල ලකුණු 16කට හා කුසල් ජනිත් ලකුණු 14කට දවාගැනීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත් වුණා.

255692-3