Saturday, April 20, 2024

General line - 0115112241

කිලිනොච්චියේ මහවිරු සැමරුමට දෙදහසකට වැඩි පිරිසක් (PHOTOS)




කිලිනොච්චි නගරයේ අද (27) පස්වරුවේ පැවති මහවිරු සැමරුම සඳහා දෙදහසකට වැඩි පිරිසක් එක්ව සිටි බව නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවා.

කිලිනොචිචිය, කනගපුරම් හා මුලංකාවිල් ප‍්‍රදේශයන්ගේ පිහිටි මහවිරු සුසානයන් පිහිටි ස්ථානයන්ගේ කොඩි ඔසවා, අලංකාරවත් තොරණ ඉදිකරමින් මහවිරු සැමරුම් උත්සව පැවැත්වුණු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

එල්. ටී. ටී සංවිධානය ක‍්‍රියාකාරිව පැවති සමයේ නොවැම්බර් 21 වැනිදා සිට 27 වැනිදා දක්වා මහවිරු සතිය ලෙස නම්කොට තිබෙනවා.

kopai-www-nethnews-lk001 kopai-www-nethnews-lk002 kopai-www-nethnews-lk003 kopai-www-nethnews-lk004 kopai-www-nethnews-lk005 kopai-www-nethnews-lk006 kopai-www-nethnews-lk007 kopai-www-nethnews-lk008 kopai-www-nethnews-lk009 kopai-www-nethnews-lk010

මේ අතර යාපනය කෝපායි ප‍්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරක් ඉදිරිපිට මාර්ගයේ ද අද මහවිරු සැමරුමක් සිදුකෙරුණා. ඒ, දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. ෂිවාජිලිංගම්ගේ ප‍්‍රධානත්වයෙන්.