Friday, March 29, 2024

General line - 0115112241

වසර 5කට පසු ශ‍්‍රී ලංකාවට තුන්කොන් එක්දින තරගාවලි ශුරතාවක්




වසර 5කට පසු තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියක ශූරතාව හිමිකර ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (27) සමත් වුණා. ඒ, තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගයෙන් කඩුලු 6ක විශිෂ්ඨ ජයක් හිමිකරගනිමින්.

මෙය උපුල් තරංග නායකත්වය ලබාදුන් පළමු එක්දින ක‍්‍රිකට් තරගාවලිය වීම ද විශේෂත්වයක්. ඒ අනුව තමන් නායකත්වය ලබාදුන් පළමු එක්දින තරගාවලියම ජයගත් තුන්වන ශ‍්‍රී ලාංකික නායකයා බවට පත්වීමට උපුල් තරංග සමත් වුණා. මීට පෙර එවැනි දස්කමක් දක්වා තිබුණේ සනත් ජයසූරිය සහ තිලකරත්න ඩිල්ෂාන්.

තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති අවසන් මහා තරගයේදී පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 36යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 160ක් පමණයි.

ජෙෆ්රි වැන්ඩසේ සහ අසේල ගුණරත්න කඩුලු 3 බැගින් බිඳහෙලුවා. පන්දුවාර 37යි පන්දු 3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී සිය ජයග‍්‍රහණය වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කුසල් මෙන්ඩිස් ලකුණු 57ක් හා නායක උපුල් තරංග නොදැවී ලකුණු 57ක් රැස්කළා. තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ කුසල් මෙන්ඩිස්.

255714