Saturday, April 20, 2024

General line - 0115112241

සිරියානු හමුදාවට කලකට පසු ජයක්




සිරියාවේ ප‍්‍රධාන නගරයක් වන ඇලෙප්පෝහි නැගෙනහිර කොටසේ බලය තමන් සතු කර ගැනීමට සිරියානු රජයේ හමුදාව සමත් වුණා. ඒ, සිරියානු හමුදාව සහ සහය දක්වන කණ්ඩායම් සමග එක්ව සිදු කළ දැවැන්ත මෙහෙයුමකින් අනතුරුවයි.

මේ හේතුවෙන් සටන්කාමීන් භාරයේ සිටි දහස් සංඛ්‍යාත සාමාන්‍ය වැසියන්ට නිදහසේ ජීවත්වීමේ අවස්ථාව උදා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගැටුම් හේතුවෙන් පවුල් සියයකට වැඩි පිරිසකට දින කිහිපයක් තුළ උන්හිටි තැන් අහිමි වී ගොස් තිබුණා.