Thursday, April 25, 2024

General line - 0115112241

ඔහියෝ සරසවියේ පිහි ප‍්‍රහාරයෙන් අමෙරිකාව කැළඹෙයි




අමෙරිකාවේ ඔහියෝ විශ්ව විද්‍යාලයේ දී තියුණු ආයුධයකින් කළ පහරදීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මූලික පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ සැකකරු සෝමාලියාවේ සිට පැමිණි සරණගාතයෙකු බවයි.

නමින් අබ්දුල් රසාක් අලි අර්තාන් වන ඔහු 18 හැවිරිදි වියේ පසුවනවා.

ඔහු සිදු කළ පහරදීමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 11 ක්. සැකකරු විශ්ව විද්‍යාලයේ සිසුවෙකු බවයි වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ.

පොලිසිය සිදු කළ වෙඩි තැබීමෙන් පසුව ඔහු ඝාතනය කෙරුණා.