Tuesday, April 23, 2024

General line - 0115112241

නේපාල ක්‍රීඩිකාවන් අසරණ වෙයි




තායිලන්තයේ පැවැත්වෙන ආසියානු කුසලාන පන්දුවාර විස්ස කාන්තා ක‍්‍රිකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවන් ඊයේ (28) සමත් වුණා. ඒ, නේපාල කාන්තා කණ්ඩායම කඩුලු 08 කින් පරාජය කරමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාල ක‍්‍රීඩිකාවන් ලකුණු 23 කට සීමා කිරීමට ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවන් එම පහසු ඉලක්කය පසුකර ගියේ පස්වන පන්දුවාරයේදීයි. බිඳ වැටුණු කඩුලු සංඛ්‍යාව දෙකක්.

ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන මීළග තරගය හෙට (30) සත්කාරක තායිලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා.

15218439_10211425531180290_2143405223_n 15239357_10211425531140289_491905997_n