පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
……………………………………………………………………
නාමල් අත්අඩංගුවට
Jul 11, 2016 @ 13:51
පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගැනුණා. ඒ, රුපියල් මිලියන 70 ක මුදලක් අස්ථානගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
රග්ර් ක‍්‍රීඩාව දියුණු කිරීමට යැයි පවසමින් සිලෝන් ප‍්‍රිමියර් ක‍්‍රීඩා සමාජයට රුපියල් මිලියන 70 ක මුදලක් ලබාදෙන ලෙසට නාමල් රාජපක්ෂ මහතා විසින් ක‍්‍රිස් සමාගමට දැනුම්දීමක් කරනු ලැබ තිබුණා.
අද (11) පෙරවරුවේ ප‍්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවට කැඳවා තිබුණා.
ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව මන්ත‍්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තව නොබෝ වේලාවකින් නාමල් රාජපක්ෂ මහතා කොටුව මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here