Friday, April 26, 2024

General line - 0115112241

ඉතිහාසයේ පළමුවරට ඊශ්‍රායලයට ඇතුළු වීමට උත්සහ කළ අයි එස් ත්‍රස්තයන්ට ඊශ්‍රායල හමුදාවෙන් අමතක නොවන පාඩමක් (PHOTOS)



ඊශ්‍රායල් හමුදාව විසින් අයි එස් අයි එස් ත්‍රස්තවාදීන් හතරදෙනෙකු මරා දමා තිබෙනවා.

ඒ පසුගිය 27දා ගෝලන් හයිට්ස් ප්‍රදේශයේදී ඊශ්‍රාඇල් භට කණ්ඩායමටකට එල්ල කළ වෙඩි පහර වලට ප්‍රතිප්‍රහාර දීමෙන් අනතුරුවයි.

ගොලාන් හයිට්ස් යනු ඊශ්‍රායලයෙන් වෙන්ව තිබෙන වනමුත් ඔවුන් පාලනය කර භූමියකි.මෙම භූමිය ඊශ්‍රායලයට හා සිරියාවට මායිම්ව තිබෙනවා.අයි එස් අයි රස් ක්‍රියාකාරකම් රැසක්ද සිරියාවේ සිදුවේ.

අයි එස් ත්‍රස්තයින් මැෂින් තුවක්කු වලින් හා මොටාර්අවි වලින් ප්‍රහාර එල්ල කළත් කිසිදු ඊශ්‍රායල් භටයෙකුට හානියක් සිදුව නැහැ..

මෙසේ පහරදුන් පිරිස් ෂුහාඩා අල් යාමුක් නැමති කණ්ඩාමයට අයත් ත්‍රස්තයන් පිරිසකි.මොවුන් අයි එස් ත්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ බවයි සැක කෙරෙනේනේ.

කෙසේ වෙතත් අයි එස් ත්‍රස්තයන් ඊශ්‍රායලය මූලික කරගෙන ප්‍රහාරයක් එල්ල කරමින් ඊශ්‍රායලයට ඇතුලු වීමට උත්සහ  කල ප්‍රථම අවස්ථාව මෙය බවයි සඳහන් වන්නේ.

කලාපයේ ප්‍රබලම අවි බලය ඇත්තේ ඊශ්‍රාඇලයටයි.

ඊශ්‍රායල් හමුදාවේ 20 000 පමණ භට පිරිසක් මෙම ගොල්න් හයිටිස් හි සිටිනවා.

මේ පිළිබඳ අදහස් දක්වා තිබූ ඊශ්‍රායල අග්‍රමාත්‍යවරයා පවසා තිබුණේ අයි එස් ත්‍රස්තවාදීන්ට ඊශ්‍රායලට ඇතුළු වීමට කිසිදු ඉඩක් නොතබන බවයි.

00f6888c000004b0-3976336-image-a-5_1480285261379 3acb078b00000578-3976336-image-a-14_1480291842556 3acc0e8900000578-3976336-image-a-7_1480285478838 3acc0e9000000578-3976336-image-a-15_1480291946593 3acc0ea100000578-3976336-image-a-17_1480292084719 3acc0eb100000578-3976336-image-a-10_1480285705328 3acc303700000578-3976336-image-a-9_1480285629150 3ace544700000578-3976336-image-a-16_1480292017997 3acee6a700000578-3976336-image-a-6_1480285306628