Friday, April 19, 2024

General line - 0115112241

කේරල ගංජා කිලෝ 42ක් පේදුරුතුඩුවේදී අත්අඩංගුවට




කේරල ගංජා කිලෝග‍්‍රෑම් 42කට වැඩි ප‍්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු යාපනය පේදුරුතුඩුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නාවික හමුදාවට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි.

පේදුරුතුඩුව පොලීසිය සහ නාවික හමුදාව එක්ව වැටලීම සිදු කළා. බෝට්ටුවකින් පේදුරුතුඩුව වෙරලට රැගෙන ආ අවස්ථාවේ මෙම ගංජා තොගය ආරක්ෂක අංශ සිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පේදුරුතුඩුව සහ පලාලි යන ප‍්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් පේදුරුතුඩුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ganjai-www-nethnews-lk001 ganjai-www-nethnews-lk002