Saturday, April 20, 2024

General line - 0115112241

“දිරිය නෙත්” නිසා තවත් පවුලකට අංග සම්පූර්ණ සෙවනක්




නෙත් එෆ්.එම්. රේඩියෝවේ දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් එක් පියවරක් ලෙස අඩු ආදායම්ලාභී පවුලකට නිවසක් ඉදිකර දීමේ කටයුතු ආරම්භ කොට මේ වන විට එහි ඉදිකිරීම් අවසන් කරමින් පවතිනවා.

දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන ඒ සඳහා මෙවර තෝරා ගත්තේ කළුතර, අගලවත්ත, හරන්කහපත ප‍්‍රදේශයේ පවුලක්.

05

වයස අවුරුදු 40ක් වන රංජිත් සමරතුංග සහ 34 හැවිරිදි රසිකා තරංගනී දාව දරුවන් 05 දෙනෙකු සිටිනවා. වැඩිමහල් දියණියට වයස අවුරුදු 16ක් වන අතර පස්වැන්නා තවමත් පෙර පාසල් වයසේ පසුවනවා.

දියණියන් සිව් දෙනෙකු හා එක් පුතෙකුගෙන් යුතු පවුලේ වැඩිමහල් දියණියන් තිදෙනාම 5 වසර ශිෂ්‍යත්ව විභාගය ද ඉහළින් සමත් වූවෝ වනවා. ඉතා දුෂ්කර වූත් අබලන් වූත් නිවසක ජීවත් වූ ඔවුන් දිරිය නෙත් වැඩසටහනට හඳුන්වාදෙනු ලබන්නේ මතුගම, ඕමත්ත ජනපද විද්‍යාලයේ විදුහල්පති කමල් සමරනායක මහතා විසින්.

01 02 03 04

මේ වන විට නිවසේ ඉදිකිරීම් කටයුතු අවසන් වෙමින් පවතිනවා. ඉතා ඉක්මනින් 07 දෙනෙකුගෙන් සමන්විත මෙම පවුලට අංග සම්පූර්ණ නිවසක ජීවත් වීමේ වාසනාව උදා වනවා. දිරිය නෙත් මීට පෙර ද අඩු ආදායම්ලාභී පවුල් සඳහා මෙලෙස නිවාස ඉදිකර දීම සිදුකරනු ලැබුවා.

img_2400 img_2402 img_2404 img_2410 img_2411

ස්වාභාවික ආපදාවලට රට ලක්වූ අවස්ථාවල ද කිසිවෙකුට නෙදෙනිව දිරිය නෙත් පෙරට පැමිණියා. දක්ෂ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යත්ව විශාල ප‍්‍රමාණයක් තවමත් දිරිය නෙත් යටතේ කි‍්‍රයාත්මක වනවා.

ආබාධිත තත්ත්වයට පත්වූ සහ විවිධ පීඩන හා අපහසුතාවලට ලක්වන රණවිරුවන් වෙනුවෙන් ද දිරිය නෙත් සමාජ සත්කාරක සේවාව නිතැතින්ම කි‍්‍රයාත්මක වනවා.