Friday, April 19, 2024

General line - 0115112241

බිහිසුණු ගුවන් අනතුරෙන් 05 දෙනෙකු බේරෙයි (VIDEO)




බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් ගමන්ගත් ගුවන් යානයක් කොළොම්බියාවේ අනතුරට ලක්වීමෙන් පසුව එයින් දිවි ආරක්ෂා කර ගැනීමට පුද්ගලයින් 05 දෙනෙකු සමත්ව ඇති බව මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරින් මිය ගිය පුද්ගලයින්ගෙන් සංඛ්‍යාව 76 ක් බවද විදෙස් මාධ්‍ය තහවුරු කරනවා. මළ සිරුරු 25 ක් මේ වන විට සොයාගෙන තිබෙනවා.

කොලොම්බියාවේදී හෙට (30) පැවැත්වීමට නියමිතව තිබූ කෝපා සුඩාමෙරිකා පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට එක්වීමට බ්‍රසීලයේ පළමු පෙළ ක්‍රීඩා සමාජයක් වන කාපෙකොන්සෝ පාපන්දු කණ්ඩායම ගුවන් මගින් ගමන් කරමින් සිටින විට ඔවුන් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නා.

ගුවන් යානය බොල්වියාවේ සිට කොලොම්බියාව බලා ගමන් කරමින් තිබුණා.

කාර්ය මණ්ඩලයේ 9 දෙනෙකුද හා මගීන් 72 ක් ගුවන් යානයේ ගමන් කරමින් සිට ඇති බවයි මුලින් අනාවරණය වුණේ.