Tuesday, April 16, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා කණ්ඩායමට නායකයාගේ සුබ පැතුම්




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ආබාධයන්ට ලක්ව සිටි ක‍්‍රීඩකයින් කිහිපදෙනෙකු මේ වන විට සුවය ලබමින් සිටිනවා. නායක ඇන්ජලෝ මැතිව්ස් ඒ පිළිබඳ මෙලෙස කරුණු දැක්වූවා.

ඇන්ජලෝ් මැතිව්ස් මේ බව කියා සිටියේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඊයේ (29) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි. සිම්බාබ්වේ තරගාවලියට සහභාගි වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම මව්බිමට පැමිණීම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා. සිම්බාබ්වේ තරගාවලියේ ටෙස්ට් තරගවලදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන්නේ රංගන හේරත්. ලැබූ ජයග‍්‍රහණයට සියලූ ක‍්‍රීඩකයින්ගේ සහාය හිමිවූ බව ඔහු කියා සිටියා.

සිම්බාබ්වේ තුන්කොන් ක‍්‍රිකට් තරගාවලිය ද ජයගත්තේ ශ‍්‍රී ලංකා කණ්ඩායමයි. උපුල් තරංග එහිදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන්නා.

ලැබූ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට සුබපතන බව නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් මෙහිදී පැවසුවා.