Monday, April 19, 2021

General line - 0115112241

VAT අත්හිටුවයි

2838Views



වැට් බද්ද සියයට 11 සිට සියයට 15 දක්වා වැඩි කරමින් ඉකුත් මැයි මස 2 වෙනිදා සිදුකෙරුණු සංශෝධනය තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

එන්.බී.ටී. හෙවත් ජාතිය ගොඩනැගීමේ බද්ද සඳහා සිදුකෙරුණු සංශෝධන ද මේ සමග තාවකාලිකව අත්හිටුවනු ඇති.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පස් දෙනෙකු විසින් ගොනුකර තිබූ පෙත්සමක් සැලකිල්ලට ගනිමින් අදාළ නියෝගය නිකුත් කෙරුණා.

පෙත්සම සලකා බැලුණේ අගවිනිසුරු කේ. ශ‍්‍රී පවන් , ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන යන මහත්වරුන් ඉදිරියේයි.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here