Thursday, April 18, 2024

General line - 0115112241

චැපකොයින්සා පාපනස්දු කණ්ඩායමේ ක‍්‍රීඩකයන් වෙනුවෙන් නන් දෙසින් සොව පලවේ




ගුවන් අනතුරකින් මියගිය බ‍්‍රසීලයේ් චැපකොයින්සා පාපනස්දු කණ්ඩායමේ ක‍්‍රීඩකයන් වෙනුවෙන් ලොව පුරා පාපන්දු කණ්ඩායම් සහ ක‍්‍රීඩකයන් සිය ශෝකය පල කරනවා. ඔවුන් මෙම අනතුරට ලක්වූයේ තරගයක් සඳහා සහභාගී වීමට ගුවන් යානයකින් ගමන් කරමින් සිටියදී කොළොම්බායාවේදී.

මියගිය ක‍්‍රීඩකයින්ට ගරු කිරීමක් ලෙස අදාළ තරගයේ ජයග‍්‍රහණය චැපකොයින්සා කණ්ඩායමට ලබා දීමට ප‍්‍රතිවාදි කණ්ඩායම තීීරණය කර තිබෙනවා. තරගය පැවැත්වීමට නියමිතව තිබූ අවස්ථාවේදි සුදු ඇඳුමින් සැරසී පැමිණෙන ලෙසයි ඔවුන් පේ‍්‍රක්ෂකයන්ගෙන්ද ඉල්ලා ඇත්තේ. ශෝකය පල කළ පාපන්දු කී‍්‍රඩකයන් අතර ලයනල් මෙසී, නේමාර් සහ ෙවින් රූනී ද වනවා.

මේ අතර කොළොම්බායානු ගුවන් සේවා නිලධාරින් පවසන්නේ අදාළ ගුවන් අනතුරෙන් මියගිය අය අතර මාධ්‍යවේදීන් 21 දෙනෙකුද සිටින බවයි.