Friday, March 29, 2024

General line - 0115112241

ක්‍රිකට් කෙල්ලෝ දෙවන ජයත් ලබයි




ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස කාන්තා කි‍්‍රකට් තරගාවලියේ සිය දෙවන ජයග‍්‍රහණය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රඩිකාවන් අද (30) සමත් වුණා.

එ් සත්කාරක තායිලන්ත කණ්ඩායම ලකුණු 75 කින් පරාජය කරමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 120ක් රැස් කළා.

හසිනි පෙරේරා ලකුණු 55යි. ලකුණු 121ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය තායිලන්ත කී‍්‍රඩිකාවන් ලකුණු 45 කට සීමා කිරීමට ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඉනෝකා රණවිර සහ උදේශිකා ප‍්‍රබෝධිනී කඩුලු 3 බැගින් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූවා.