Wednesday, April 24, 2024

General line - 0115112241

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා මැතිව්ස් (PHOTOS)




ඩයලොග් වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙලේදී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිිමි සම්මානය දිනා ගැනීමට නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා.

සම්මාන උළෙල ඊයේ රාත්‍රී පැවැත්වුණේ කොළඹදීයි.

ප්‍රධාන ආරාධිතයා ලෙස පාකිස්තානු කණ්ඩායමේ හිටපු නායක වසීම් අක්‍රම් මෙම අවස්ථාවට එක් වුණා.

සම්මාන උළලේදී වසරේ ජනතාවගේ ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ තිලකරත්න ඩිල්ෂාන්.

වසරේ දක්ෂතම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයාට සහ වසරේ දක්ෂතම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මාන දෙකම දිනා ගැනීමට නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා.

වසරේ දක්ෂතම ටෙස්ට් ක්‍රිකට් පිතිකරු ලෙස දිනේෂ් චන්දිමාල් සම්මාන දිනා ගත් අතර වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා ලෙස රංගන හේරත් සම්මාන දිනා ගත්තා.

වසරේ දක්ෂතම එක්දින පිතිකරු ලෙස සම්මාන දිනා ගත්තේ කුමාර් සංගක්කාරයි. වසරේ දක්ෂතම එක්දින පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග සම්මාන දිනා ගත්තා.

වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙස කුසල් මෙන්ඩිස් සම්මාන දිනා ගත්තා.

වසරේ දක්ෂතම පන්දුවාර විස්ස පිතිකරු ලෙස සම්මාන දිනා ගත්තේ තිලකරත්න ඩිල්ෂාන්.

වසරේ දක්ෂතම පන්දුවාර විස්ස පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග සම්මාන දිනා ගත්තා.

15228008_407778272946172_1708551831_n 15281799_407778256279507_594786324_n 15281838_407778289612837_1440267754_n 15281914_407778202946179_1227025295_n 15310221_407778282946171_53495999_n-1 15319401_407778262946173_986874965_n