Wednesday, April 24, 2024

General line - 0115112241

දුම්රිය වර්ජනය අත්හිටුවයි




හෙට දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටවූ බව වෘත්තීය සමිති පවසනවා.

දුම්රිය ඉඩම් පෞද්ගලික අංශයට පැවරීම, අවිධිමත් සේවක බඳවා ගැනීම, දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක්‌ බවට පත්කිරීම, විශ්‍රාම වැටුප අහෝසිය යන කාරණාවලට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමටයි ඔවුන් සුදානම්ව සිටියේ.

ජනපතිවරයා හා පැවැත්වූ සාකච්ඡාවේදී ගැටලු රැසකට විසදුම් ලැබුණ බවත් අනෙකුත් ගැටලු සඳහා ජාතික වශයෙන් සාකච්ඡා කර විසදුම් ලබාදෙන බවට ජනපතිවරයා එකඟවූ බවත් වෘත්තීය සමිති වැඩිදුරටත් සඳහන් කළා.