Thursday, April 25, 2024

General line - 0115112241

වර්ජනය නිසා ඔෆිස් යන – එන වේලාවන් වෙනස් වන ලකුණු




පෞද්ගලික බස් සමහරක් අද වැඩවර්ජනයක නිරත වීම නිසා කාර්යාල සේවකයින්ට සේවයට පැමිණිය යුතු සහ කාර්යාලයෙන් පිටවී යා යුතු වේලාවන් සම්බන්ධයෙන් සහනයක් ලබා දෙන්නැයි ඉල්ලීමක් කෙරෙනවා.

මේ රාජ්‍ය, පළාත් රාජ්‍ය රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න පැවසුවේ වර්ජනය නිසා සේවකයන් නියමිත වෙලාවට කාර්යාල වලට වාර්තා කිරීමේදී දැඩි අපහසුතා ඇති වන බවයි.

මෙම සහන කාලය ඉතා කඩිනමින් ප්‍රකාශයට පත් කරන ලෙසද ඔහු ඉල්ලීමක් කළා.

රජයෙන් යතුරුපැදි ලබාදුන් හෝ රජයේ වාහන හිමි නිලධාරීන්ට මෙම සහනය අපේක්ෂා නොකරන බව ද මෙහි දී ප්‍රකාශ කෙරුණා.