Thursday, March 28, 2024

General line - 0115112241

අභිනවයෙන් පත්වූ ඇමරිකාවේ දෙවන ලොක්කාගෙන් ජනපතිට ඇරයුමක්




ශ්‍රී ලංකාව සමග තවදුරටත් සහයෝගයෙන් කටයුතු කරන බවට හා  ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන්වලට සහය දක්වන බවට අමෙරිකාවේ මීළග උප ජනාධිපතිවරයා ලෙස තේරීපත් වී සිටින මයික් පෙන්ස් සහතික වී තිඛෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඊයේ පස්වරුවේ දුරකතනයෙන් අමතා ඔහු මෙම සහතිකය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

අමෙරිකාවේ සංචාරයක නිරත වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මයික් පෙන්ස් ආරාධනාවක් ද කර තිඛෙනවා.