Thursday, March 28, 2024

General line - 0115112241

ලංගම බස් වලට රට වටින් ගල් ප්‍රහාර




මගී පීඩා අවම කරමින් ධාවනයේ යෙදෙන ශ්‍රී ලංගම බස් රථවලට ප්‍රදේශ කිහිපයක දී ඊයේ රාත්‍රී සහ අද උදෑසන ගල් ප්‍රහාර එල්ල වී තිඛෙනවා.

ගල්කිස්ස ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ශ්‍රී ලංගම බස් රථයකට එවැනි ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ත්‍රීකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ දී ද ශ්‍රී ලංගම බස් රථ දෙකකට ගල් ප්‍රහාර එල්ල වී තිඛෙනවා.

ත්‍රීකුණාමලයේ සිට තංගල්ල දක්වා ධාවනය කෙරෙන බස් රථයකට ඊයේ රාත්‍රී සහ මූතූර් සිට ත්‍රීකුණාමලයට පැමිණි බස් රථයකට අද උදෑසන මෙම ගල් ප්‍රහාර එල්ල වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

බස් රථවලට එල්ල වූ මෙම ගල් ප්‍රහාර සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිඛෙනවා.