Friday, April 19, 2024

General line - 0115112241

වර්ජනයට සහාය නොදෙන තී‍්‍රරෝද රථ රියදුරන්ට බලපෑම්




බස් සහ තී‍්‍රරෝද රථ සංගම් කිහිපයක් ආරම්භ කර ඇති වර්ජනයට සහාය නොදක්වන හැටන් ප‍්‍රදේශයේ තී‍්‍රරෝද රථ රියදුරන්ට එම ප‍්‍රදේශයේම තවත් තී‍්‍රරෝද රථ රියදුරන් පිරිසකගෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.

අද (02) උදෑසන සුපුරුදු පරිදි තී‍්‍රරෝද රථ ධාවනය කළ රියදුරන්ට තී‍්‍රරෝද රථ ධාවනයෙන් ඉවත් වන ලෙස අනෙක් පාර්ශවයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම දෙපිරිස අතර ඇති වූ නොසන්සුන්තාවක් හැටන් පොලීසියේ මැදිහත්වීමෙන් පාලනය කෙරුණු බවද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.

මේ අතර අද දිනයේ වර්ජනයට එක් නොවූ අකුරැස්ස නිල්වලා ත‍්‍රීරෝද රථ සංගමයේ සාමාජිකයින්ට ද තර්ජන එල්ල වී ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

threeweel-www-nethnews-lk001 threeweel-www-nethnews-lk002 threeweel-www-nethnews-lk003 threeweel-www-nethnews-lk004 threeweel-www-nethnews-lk005 threeweel-www-nethnews-lk006 threeweel-www-nethnews-lk007