Saturday, May 11, 2024

General line - 0115112241

පෞද්ගලික බස් වර්ජනය තවදුරටත්




රුපියල් විසි පන්දහසේ සහ රුපියල් 2500 දඩ අය කිරීමේ යෝජනා සම්බන්ධයෙන් පවතින ගැටලුවලට විසඳුම් ලබාදෙනතුරු සිය වෘත්තීය කි‍්‍රයාමාර්ගය අත්නොහරින බව වර්ජනයේ නිරත බස් සංගම් පවසනවා.

අන්තර් පළාත් පුද්ගලික බස් සංගමය ද වර්ජනයට එක්ව සිටිනවා. එහි සභාපති සරත් විජිතකුමාර පැවසුවේ වර්ජනය හේතුවෙන් ජනතාවට සිදුවන පීඩාවන් පිළිබඳ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවයි.

මේ අතර ත‍්‍රීරෝද රථ සංගම් ගණනාවක් එක්ව අද කොළඹදී විරෝධතා රථ පෙළපාළියක් පැවැත්වුවා.

ජනාධිපති කාර්යාලය ආසන්නය දක්වා පැමිණි විරෝධතාකරුවන් පවතින ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් සමග සාකච්ඡාවක ද නිරත වුණා.

එහෙත් ඊට විසඳුම් නොලැබුණු බවයි ජාතික ඒකාබද්ධ ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතියේ ලේකම් ලියනගේ රෝහණ පෙරේරා පැවසුවේ.