Saturday, April 20, 2024

General line - 0115112241

බස් වර්ජනය නවතියි




ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට ආරාධනා කිරීමෙන් පසු සිය වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව පෞද්ගලික බස් සංගම් පවසනවා.

ඒ පිළිබඳ කරුණු දැක් වූ අන්තර් පළාත් පුද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිතකුමාර පැවසුවේ බස් සංගම් නියෝජිතයින් කිහිප දෙනෙකු හා ජානාධිපතිවරයා අතර අද (03) උදෑසන 7ට පමණ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි

එහිදී තම ගැටලුවට විසදුම් ලැබෙනු ඇති බවයි ඔහු විශ්වාසය පලකලේ.

මේ අතර බස් සංගම් කිහිපයක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අතරතුර ලංගම බස් රථ සහ රාජ්‍ය දේපළවලට හානි කළ පුද්ගලයින් හඳුනාගනිමින් සිටින බව පොලිසිය පවසනවා.

ඒ අනුව ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස් වර්ජනය අතරතුර ප්‍රවාහන කටයුතුවලට බාධා කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ද නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට රජය පොලිසියට උපදෙස් ලබා දී ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.