Friday, March 29, 2024

General line - 0115112241

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ආරක්ෂාව ‘පිස්සු බල්ලෙකුට‘ භාරදෙයි



අමෙරිකාවේ මීළග ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු නාවික නිලධාරියෙකු වන ජනරාල් ජේම්ස් මැටීස් නම් කර තිඛෙනවා.

එරට මීළග ජනාධිපතිවරයා ලෙස තේරීපත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහියෝහි පැවති උත්සවයක දී මේ බව ප්‍රකාශ කළ බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ආරක්ෂක ලේකම් ධුරයට අමෙරිකාවේ සිටින සුදුසුම පුද්ගලයා ජේම්ස් මැටීස් බව ද මෙහි දී ප්‍රකාශ කෙරුණා.

නාවික නිලධාරියෙකු ලෙස ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ සේවය කර ඇති ජේම්ස් මැටීස්, ඔබාමා පාලනය මැදපෙරදිග සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තීන් දැඩිව විවේචනය කළ අයෙක්.

‘‘ මෑඩ් ඩෝග්‘‘ හෙවත් ‘පිස්සු බල්ලා ‘නමැති අන්වර්ථ නාමය ද ඔහුට පටබැඳී තිඛෙනවා.

james-mattis