Friday, April 19, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව ඉදිරිපිට පාර වැසේ




පළාත් පාලන ඡන්දය පැවැත්වීම කඩිනම් කරන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ විරෝධතාවය හේතුවෙන් ජපන් මිත්‍රත්ව මාර්ගය කෙළවරේ සිට පාර්ලිමේන්තුව ඉදිරිපිටින් දියතඋයන පිවිසුම දක්වා වැටී ඇති මාර්ගය පොලීසිය විසින් තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඒ අනුව තලවතුගොඩ සිට පැමිණෙන වාහන පාලම් තුන හංදිය හරහා බත්තරමුල්ල දෙසට යොමු කෙරෙනවා. මේ හේතුවෙන් මාර්ග අංක 177 ප්‍රධාන මාර්ගය රාජගිරිය සහ බත්තරමුල්ල දක්වා දෙපසටම දැඩි වාහන තදබදයක් පැවතියා.