Wednesday, April 24, 2024

General line - 0115112241

Colombo Veterans පිළට අන්තර්ජාතික පාපන්දු ජයක්




රටවල් 8කගේ සහභාගිත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති අන්තර්ජාතික ප්‍රවීණයින්ගේ (Over 40) පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාව (Colombo Veterans ) ශූරතාව දිනා ගැනීමට ඊයේ (02) රාත්‍රියේ සමත් වුණා.

ශ්‍රී ලංකා පිළ මෙම තරගාවලියේදී තරග 07කට සහභාගි වූ අතර එහිදි තරග 05ක් ජය ගැනීමට ඔවුන්ට හැකිවුණා.

ජය පැරදුමෙන් තොරව එක් තරගයක් නිමා වූ අතර ශ්‍රී ලංකා පිළ එක් තරගයක් පරාජයට පත් වුණා.

මෙම තරගාවලියට සහභාගී වූ සෙසු රටවල් වන්නේ එක්සත් අරාබි එමිර් රාජ්‍යය, ඉන්දියාව, මොරිසස්, දකුණු අප‍්‍රිකාව, ඉතාලිය, මැලේසියාව සහ සිංගප්පූරුවයි.

sport-www-nethnews-lk001 sport-www-nethnews-lk002 sport-www-nethnews-lk003 sport-www-nethnews-lk004 sport-www-nethnews-lk005