Friday, April 19, 2024

General line - 0115112241

ජල හා කඳුළු ගෑස් ප‍්‍රහාරයෙන් හිටපු සභාපතිවරයෙක් රෝහල්ගත කෙරේ




ජල හෝ කඳුළු ගෑස් ප‍්‍රහාර නිසා සිය සටන අත්නොහරින බව හිටපු පළාත් පාලන නියෝජිතයින් පවසනවා.

පාර්ලිමේන්තුව ඉදිරිපිට අද (03) උදෑසන සිදු කළ උද්ඝෝෂණය පොලිසිය විසින් විසුරුවා හැරීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනුයි ඔවුන් ඒ බව පැවසුවේ.

“පළාත් පාලන ඡන්දය පවත්වන්න කියලා අපි ඉල්ලුවේ. එහෙම ඉල්ලලා එම ස්ථානයට ආපු අපේ මහජන නියෝජිතයන්ට සැලකුවේ ඉතාම පහත් නින්දිත විදිහට. අපිට කඳුලු ගෑස් ගහලා , වතුර පහරවල් ගහලා , රබර් උණ්ඩ ගහලා අපිට පහත් විදිහට සැලකුවේ”.

“අපිට මේ එල්ල කරපු ප්‍රහාරයන් දැඩි පිළිකුලෙන් හෙළාදකින අතර මේවාට බියවී ගෙවල්වලට වෙලා ඉන්නේ නැහැ. අපි මෙතනින් එහාට මාරාන්තික උපවාස සහ අදාළ අමාත්‍යාංශ දොරකඩ දිගින් දිගට උද්ඝෝෂණ ක්‍රියාවලි කරලා ප්‍රජාතන්ත්‍රවාදිව මේ මැතිවරණය ගන්නවා”.

පොලිසිය කළ පහරදීමෙන් ගම්පහ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් ගුණවර්ධන තුවාල ලැබූ බව ද ප‍්‍රතිකාර සඳහා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

ඔහුගේ සුවදුක් විමසීමට ඩලස් අලහප්පෙරුම සහ ප‍්‍රසන්න රණතුංග යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු පිරිසක් පස්වරුවේ එහි පැමිණි බවයි රෝහල් ආරංචි පැවසුවේ.

2015-11-23

14317529_10209248315917207_8446358724814128647_n default 15253542_1513430142007173_4011936894297330471_n 15317783_1513430122007175_6020566813564885882_n