Friday, April 26, 2024

General line - 0115112241

යතුරුපැදි-කඩු-මුහුණු ආවරණ සමග යාපනයේ සැඟව සිටි කල්ලියක් කොටු




මුහුණු ආවරණය කර ගනිමින් යාපනය නගරයේ සහ කෝපායි අවට ප‍්‍රදේශයන්හි විවිධ අපරාධ සිදු කළ බව කියන කණ්ඩායමක පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, යාපනය කෝපායි පොලිසිය විසින්.

මෙම සැකකරුවන් යාපනය උරුම්පිරායි ප‍්‍රදේශයේ සැඟව සිටිය දී අත්අඩංගුවට ගැණුනා.

ඔවුන් සතුව තිබී යතුරුපැදියක්, කඩු දෙකක්, ජංගම දුරකතනයක් සහ මුහුණු ආවරණ දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සියලූ දෙනා අවුරුදු 16 සහ 17 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය පැවසුවේ. මොවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම කල්ලිය අවා කල්ලිය සමග සබඳතා පවත්වා ඇත්ද යන්න පිළිබඳව පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරනවා.

kopay-01 kopay-02 kopay-03 kopay-04 kopay-05