Thursday, April 18, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට එරෙහිව ඉහළ උසාවියටත් යයි




අමෙරිකානු ජනාධිපතිවරණයේ ප‍්‍රාන්ත කිහිපයක ප‍්‍රතිඵල යළි ගණන් කරන ලෙසට ඉල්ලා ඉහළ උසාවියට යාමට එරට හරිත පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ පෙන්සල්වේනියානු ප‍්‍රාන්ත අධිකරණය විසින් ඔවුන්ගේ ඉල්ලීම ඉවත දමනු ලැබීම හේතුවෙන්.

ටෙන්සෙල්වේනියා ප‍්‍රාන්තයද යළි ඡන්දය ගණන් කළ යුතු බවට පැවසෙන ප‍්‍රාන්ත 3න් එකක්.

මීට අමතරව විස්කොන්සින් සහ මිචිගන් යන ප‍්‍රාන්තවලද ඡන්ද යළි ගණන් කළ යුතු බවයි හරිත පක්ෂය අවධාරණය කරන්නේ.

එම ප‍්‍රාන්ත තුනෙන්ම ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජය ගත්තේ ඉතා අඩු ඡන්ද ප‍්‍රතිශතයකින්.