Friday, April 19, 2024

General line - 0115112241

ස්ටීවන් ස්මිත්, පොන්ටින්ගේ වාර්තාවක් සමකරයි




ඕස්ටේ‍්‍රලියානු සුපිරි පිතිකරු රිකී පොන්ටින්ගේ වාර්තාවක් සම කිරීමට වත්මන් නායක ස්ටීවන් ස්මිත් සමත්වුණා. ඒ නවසීලන්තයට එරෙහිව ඊයේ (04) පැවති පළමු එක්දින කි‍්‍රකට් තරගයේදීයි.

එහිදී ස්මිත් ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ලකුණු 164ක් රැස් කළා. එය ඉතිහාසයට එක් වුණේ ඕස්ටේ‍්‍රලියානු නායකයෙකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමක් ලෙසයි.

මීට පෙර රිකී පොන්ටින් 2006 වසරේදී දකුණු අපි‍්‍රකාවට එරෙහිව ලකුණු 164ක් රැස් කරමින් මෙම වාර්තාව බිහිකර තිබුණා.

සිඩ්නි නුවර ඊයේ පැවති තරගයෙන් ලකුණු 68ක ජයක් වාර්තා කිරීමටද ඕස්ටේ‍්‍රලියාව සමත්වුණා. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔවුන් කඩුලු 8කට ලකුණු 324යි. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ නවසීලන්තයට සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 256ක් පමණයි.

SYDNEY, AUSTRALIA - DECEMBER 04:  An Australian supporter in the crowd waves a flag during game one of the One Day International series between Australia and New Zealand at Sydney Cricket Ground on December 4, 2016 in Sydney, Australia.  (Photo by Mark Kolbe/Getty Images)
255906 255907

SYDNEY, AUSTRALIA - DECEMBER 04:  The Australian team watch the replay on the big screen after Josh Hazlewood of Australia took the wicket of Colin de Grandhomme of New Zealand leg before wicket during game one of the One Day International series between Australia and New Zealand at Sydney Cricket Ground on December 4, 2016 in Sydney, Australia.  (Photo by Mark Kolbe/Getty Images)