Wednesday, April 24, 2024

General line - 0115112241

අග‍්‍රාමාත්‍යවරුන් දෙදෙනෙක් සිය ධුරවලින් ඉවත් වෙයි




නවසීලන්ත අග‍්‍රාමාත්‍ය ජෝන් කී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ, සිය වසර 8 ක සේවා කාලය නිම කරමින්.

ඔහු ප‍්‍රකාශ කළේ තම පවුලේ සාමාජිකයින් වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරයා නිල වශයෙන් සිය ධුරයෙන් ඉවත්වීමට නියමිතව තිබුණේ දෙසැම්බර් 12 වනදායි. නව අග‍්‍රාමාත්‍යවරයෙකු තෝරාගන්නා තුරු නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය බිල් ඉන්ග්ලිෂ් නවසීලන්ත අග‍්‍රාමාත්‍ය ධුරයේ කටයුතු මෙහෙයවනු ඇති.

මේ අතර ඉතාලි අග‍්‍රාමාත්‍ය මැට්‌යුව් රෙන්සිද (Matteo Renzi) සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඒ, එරට දේශපාලන ප‍්‍රතිසංස්කරණ යෝජනා සම්මත කර ගැනීම වෙනුවෙන් පැවති ජනමත විචාරණයෙන් ඔහු දැවැන්ත පරාජයක් ලැබීම හේතුවෙන්.