Wednesday, April 24, 2024

General line - 0115112241

ති‍්‍රපෝෂ ටොන් 25 ක් මාස 2 ක් තිස්සේ දුම්රිය පෙට්ටි 2ක (PHOTOS)




සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගැබිණි මවුවරුන් සඳහා ලබා දෙන ත‍්‍රීපෝෂ ටොන් විසිපහක් මාස දෙකක් තිස්සේ දුම්රිය භාණ්ඩ ප‍්‍රවාහන පෙට්ටි දෙකක ඇති බවට ඇති බවට නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා.

කොළඹ කොටුවේ සිට බදුල්ල දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලය වෙත භාර දීම සඳහා මෙම ත‍්‍රීපෝෂ තොගය භාර දී ඇත්තේ ඉකුත් ඔක්තෝම්බර් මස 3වනදායි.

ත‍්‍රිපෝෂ තොගය රැගත් භාණ්ඩ ප‍්‍රවාහන පෙට්ටි 2 තවමත් බදුල්ලට ළඟා වි නොමැති බවයි මේ පිළිබඳ සොයා බැලූ නෙත් නිවුස් වාර්තාකරු පැවසූවේ.

මේ වන විට මෙම ත‍්‍රිපෝෂ තොගය සතියක පමණ කාලයක් තිස්සේ කොටගල දුම්රිය ස්ථානයේ ඇති බවටයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

දුම්රිය ස්ථානයෙන් කළ විමසීමකදී එහි ප‍්‍රකාෂකයෙකු පැවසූවේ භාණ්ඩ ප‍්‍රවාහන දුම්රිය එන්ජින් නොමැති හේතුවෙන් මෙම තත්ත්වය උදා වි ඇති බවයි.

නිෂ්පාදිත දිනයේ සිට මාස තුනක් ඇතුළත කල් ඉකුත් වන බව පැවසෙන ත‍්‍රිපෝෂ නිෂ්පාන, දින 15කට ප‍්‍රථම හෝ මවිවරුන්ට ලබා දිය යුතු බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ.

train-www-nethnews-lk001 train-www-nethnews-lk002 train-www-nethnews-lk003 train-www-nethnews-lk004 train-www-nethnews-lk005 train-www-nethnews-lk006 train-www-nethnews-lk007