Friday, April 26, 2024

General line - 0115112241

ඉන්ධන බද්දත් වැඩි කෙරේ




ඉන්ධන සඳහා බද්ද වැඩිකර ඇතත් එයින් සාමාන්‍ය පාරිභෝගිකයින්ට බලපෑමක් ඇති නොවන බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ගාල්ලේ පැවති උත්සවයකදීයි.

“රජය සහ ඉන්දියන් තෙල් සමාගම අතර ඇතිවුණ ගිවිසුමකට අනුව සාමාන්‍ය ඩීසල් සහ පෙට්‍රල් වලට අමතරව ඒ අයගේ යම් නිෂ්පාදන සම්බන්ධයෙන් මිළ වැඩිකිරීම සඳහා ඒ අයට 2007 වර්ෂයේ අවසරයක් දීලා තිබෙනවා.

2007 වසරේ දීපූ අවසරයට අනුව යම් යම් නිෂ්පාදන ඒ ගිවිසුමෙන් අවසර ලැබුණු නිෂ්පාදන කිහිපයක මිළ වැඩිකරලා තිබෙනවා කියලා අපට දැනගන්න ලැබිලා තිබෙනවා.

කිසිම ආකාරයකින් 92 සහ 95 ඔටෝ ඩීසල් , සුපර් ඩීසල් කියන ඒ වර්ගයේ පෙට්‍රල් සහ ඩීසල් කිසිම ආකාරයකට අයි. ඕ.සී. සමාගමටවත් , සිපෙට්කෝ ආයතනයටවත් වැඩිකරන්න බැහැ. ඒ වගේම සිපෙට්කෝ ආයතනයේ කිසිම ඉන්ධන පිරවුම් හලක වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකුණන්නේ නැහැ”.

කෙසේ වෙතත් ලංකා අයි. ඕ.සී. සමාගම විසින් අලෙවි කෙරෙන ඇතැම් ඉන්ධන වර්ගවල මිල මේ වන විට ඉහළ දමා තිබෙනවා.

පාරිභෝගිකයින්ට එම ඉන්ධන වර්ග මිලදී නොගෙන සාමාන්‍ය ඉන්ධන මිලදී ගත හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.