Saturday, April 20, 2024

General line - 0115112241

ජයලලිතාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අලුත් වාර්තාවක් (PHOTOS)




තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අලුත් වාර්තාවක් ඉන්දීය මාධ්‍ය විසින් මීට නොබෝ වෙලාවකට පෙර නිකුත් කරනු ලැබ තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඇය ක‍්‍රමක්ක‍්‍රමයෙන් සුව අතට පත්වෙමින් ඇති බවයි.

ජයලලිතා ජයරාම් චෙන්නායි නුවර රෝහලකට ඇතුළත් කෙරුණේ හෘද්‍යාබාධයක් හේතුවෙන්. පසුව ඇයට ශල්‍යකර්මයක්ද සිදුකෙරුණා.

මේ අතර ඇගේ ආධාරකරුවන් තවදුරටත් රෝහල අසලට පැමිණෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


ජයලලිතාට හෘද්‍යාබාධයක් – පාක්‍ෂිකයින් රෝහල වට කරයි

Dec 5, 2016 @ 12:57

තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් හෘද්‍යාබාධයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. ශල්‍යකර්මයක් සිදුකිරීමෙන් පසුව ඇය තවදුරටත් රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම ප‍්‍රවෘත්තිය දැනගත් විශාල පිරිසක් මේ වනවිටද චෙන්නායි නුවර පිහිටි රෝහල අසලට පැමිණෙමින් සිටිනවා. තත්ත්වය පාලනය කිරීමට පොලීසියද කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ.

තමිල්නාඩුවේ ප‍්‍රධාන නගර සහ ඇගේ නිල නිවස අසල ආරක්‍ෂාව තර කරන ලෙසටද පොලීසියට දැනුම්දී තිබෙනවා.

මාස කිහිපයක් තිස්සේ ප‍්‍රතිකාර ලබමින් සිිටි ජයලලිතා ජයරාම්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද කිසිවෙකුත් නිල වශයෙන් ප‍්‍රකාශයක් සිදුකළේ නැහැ.

ඇය අවසන්වරට ප‍්‍රසිද්ධියේ පෙනී සිටියේද ඉකුත් සැප්තැම්බර් මාසයේයි. ජයලලිතා ජයරාම් මේ වනවිට 68 හැවිරිදි වියේ පසු වනවා.

_92830465_a37d141a-580e-4fca-b248-ba9fa462fa7d _92830826_2 _92830828_gettyimages-627755606 _92830831_gettyimages-627755614