Wednesday, April 24, 2024

General line - 0115112241

බස් ගාස්තුව ගැන අන්තිම තීන්දුව අද




බස් ගාස්තු සම්බන්ධයෙන් සිය නිර්දේශ කැබිනට් මණ්ඩලය වෙත අද (12) ඉදිරිපත් කෙරෙන බව එම නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ විද්වත් කමිටුව පවසනවා.

එහි ප‍්‍රධානී ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් නිහාල් සෝමවීර මහතා පැවසුවේ බස් ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ද කැබිනට් මණ්ඩලයේදී ගැනෙනු ඇති බවයි.

සිය නිර්දේශ සකස් කළේ ප‍්‍රධාන කරුණු 4ක් සැලකිල්ලට ගනිමින් බවද ඒවා සම්බන්ධයෙන් බස් හා මගී සංගම් සමග සාකච්ඡා කළ බවද නිහාල් සෝමවීර මහතා නෙත් නිවුස් වෙත කියා සිටියා.

අදාළ නිර්දේශ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන්නේ ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින්.