Friday, April 19, 2024

General line - 0115112241

නාමල් මුසම්මිල්ගේ වාට්ටුවේ




රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයේ ‘ඊ’ වාට්ටුවේ රඳවා තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා රඳවා සිටින්නේ ද මෙම වාට්ටුවේයි.

තවත් රැඳවූවන් 20 දෙනෙකු පමණ ද එහි රඳවා සිටිනවා. ඔවුන් සියලුදෙනා විශේෂ ආරක්ෂාව ලබාදිය යුතු රැඳවූවන් බවයි බන්ධනාගාර ආරංචි කියා සිටියේ.

නාමල් රාජපක්ෂ මහතා ඊයේ (11) රාත‍්‍රී ලබාගෙන ඇත්තේ බන්ධනාගාරයෙන් ලබාදුන් ආහාර වේලයි.

මේ අතර නාමල් රාජපක්ෂ මහතා බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ඊයේ වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයට පැමිණියා.

අනතුරුව නෙත් නිවුස් වෙත විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ විමර්ශන නිලධාරීන්ට ස්වාධීනව විමර්ශන සිදුකිරීමට අවස්ථාව අහිමි වී ඇති බවයි.

ශ‍්‍රී ලංකාවේ රග්බි ක‍්‍රීඩාව සංවර්ධනය සඳහා ක‍්‍රිෂ් ආයතනය ලබාදුන් රුපියල් මිලියන 70ක් අවභාවිත කිරීම පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාට නගා ඇති චෝදනාව වනවා.