Wednesday, April 17, 2024

General line - 0115112241

යොවුන් කී‍්‍රඩක විකුම් සංජය කැඳවයි




දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය සඳහා යොවුන් කී‍්‍රඩක විකුම් සංජය ශී‍්‍ර ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

අදාළ සංචිතය මේ වන විට අනුමැතිය සඳහා කී‍්‍රඩා අමාත්‍යවරයා වෙත යොමුකර ඇති බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු පැවසුවේ.

24 හැවිරිදි විකුම් සංජය ශී‍්‍ර ලංකා ටෙස්ට් සංචිතයට එක්වන්නේ වේග පන්දු යවන්නෙකු ලෙසයි. දුෂ්මන්ත චමීරද ශී‍්‍ර ලංකා සංචිතයට ඇතුළත් අතර, සිම්බාබ්වේ සමග පැවැති ටෙස්ට් තරගාවලියට එක් වූ කසුන් මධුංසංඛට සහ ලක්ෂාන් සඳකැන්ට දකුණු අපි‍්‍රකානු සංචාරයේදී සිය ස්ථාන අහිමි වි තිබෙනවා.

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර ටෙස්ට් තරග 3ක් පැවැත්වීමට නියමිතයි. දෙරට අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 26 වැනිදා පෝර්ට් එලිසබෙත් හිදි ආරම්භ වනවා.