Saturday, April 20, 2024

General line - 0115112241

විගණකාධිපති දෙපාර්තමේන්තුවට වැරදිලා – අජිත් පී. කියයි




නොරොච්චෝලේ බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමේ ප‍්‍රශ්නගත ගනුදෙනුවේදී ශ‍්‍රී ලංකාවට කිසිදු අලාභයක් සිදුවී නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා.

අදාළ ප‍්‍රශ්නයට පාදක වුණු විගණන දෙපාර්තමේන්තුවේ අතුරු වාර්තාව සකස් කිරීමේදී කනිෂ්ඨ නිලධාරීන් අතින් ගණනය කිරීමේ දෝෂ ද සිදුවී තිබෙන බවයි ඔවුන් කියා සිටියේ.

නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා මේ පිළිබඳව කරුණු දැක්වූ හඬපටය පහතින් දැක්වේ.

මේ අතර අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව හමුවේ ප‍්‍රකාශයක් සිදුකරන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කියා සිටියා.

මෙම ගනුදෙනුව වත්මන් ආණ්ඩුව යටතේ සිදුවූවක් නොව ඉකුත් රාජපක්ෂ පාලනය යටතේ සිදුවූවක් බවයි ඔහු වැඩිදුරටත් සිහිපත් කළේ.