Friday, March 29, 2024

General line - 0115112241

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් ශුරතාවය කටාන ඒකාබද්ධ ක්‍රීඩා සමාජයට




ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා Dialog Axiata සමාගම විසින් එක්ව සංවිධානය කරනු ලබන “ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් ශුරතාවය – 2016” තරඟාවලියේ අවසාන මහා තරඟය ඊයේ (07) ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වුණා.

ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, ක්‍රීඩා අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසකගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් ශුරතාවය දිනාගනු ලැබුවේ කටාන ඒකාබද්ධ ක්‍රීඩා සමාජයයි. අනුශුරතාවය දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය විසින් දිනාගනු ලැබුවා.

මෙම අවස්ථාව සඳහා Dialog Axiata සමාගම නියෝජනය කරමින් එහි විධායක නිළධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ විධායක නිළධාරීන් පිරිසක්ද සහභාගී වී සිටි අතර මෙම අවසාන මහා තරඟය නැරඹීම සඳහා අති විශාල පිරිසක්ද ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරය වෙත පැමිණ සිටියා.

sport-www-nethnews-lk001 sport-www-nethnews-lk002 sport-www-nethnews-lk003 sport-www-nethnews-lk004 sport-www-nethnews-lk005 sport-www-nethnews-lk006 sport-www-nethnews-lk007