Thursday, April 25, 2024

General line - 0115112241

ඇස්ට්‍රා දැයේ දරුවන්ගේ සිහින සුරැකීමට අත්වැලක් වෙයි (VIDEO)




දරුවන්ගේ සිහින තවතවත් පෝෂණය කිරීමේ අරමුණින් මීට මාස තුනකට පමණ පෙර ‘Paint Your Tub’ නමින් විශේෂ වැඩසටහනක් දියත් කිරීමට ඇස්ට්‍රා කටයුතු කළා.

මෙහිදී දරුවන්ට ඇස්ට්‍රා බඳුන් මත සිය සිහින පින්තාරු කිරීමේ අවස්ථාව හිමි වූ අතර ඒ සඳහා දිවයිනේ නන් දෙසින් එක් වූ පොඩිත්තන් අතරින් 50 දෙනෙකු අවසන් වටයට තෝරා ගැනුනා.

එම ජයග්‍රහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාව පසුගියදා කොළඹදී පැවැත්වුණු අතර එහිදී “දරුවන්ගේ සිහින හා අදහස් සුරැකීමේ වැදගත්කම” යන තේමාව යටතේ රටේ විද්වතුන් හා ක්ෂේතුයේ ප්‍රවීණයන් සහභාගී වූ සංවාදයක්ද පැවැත්වුණා.

මෙම තරගය වෙනුවෙන් තම බඳුනේම දරුවන්ගේ සිහින පින්තාරු කිරීමට ඉඩකඩ ලබාදීමට ඇස්ට්‍රා පියවර ගැනීම සුවිශේෂී සිදුවීමක්.

මෙහිදී අවසන් වටයට තේරුණු දරු දැරියන් 50 දෙනාට, එක් අයෙකුට රු. 200.000 බැගින් හිමිවූ අතර ජයග්‍රහණය දිනාගත් කාව්‍යා ප්‍රබෝදිනී දැරියට රු.300.000ක මුදලක්ද පිරිනැමුණා.

එම අවස්ථාව පහතින් බලන්න