Friday, April 19, 2024

General line - 0115112241

නබිතුමාගේ උපන්දිනය 13ට කල් ගිහින්… 12 නිවාඩුවට මොනවා වෙයිද?



එළඹෙන සති අන්තය දිගු නිවාඩුව ගතකරන්නට බොහෝ දෙනෙකු මේවනවිට සැළසුම්කර හමාරය. මේ වනවිට හෝටල් කාමර, නවාතැන් ඇතුළු දේශීය සංචාරකයින් වෙනකරගෙන අවසන්ය. ඒ 10, 11, 12 සහ 13 යන දින 04ම නිවාඩු බැවිනි.

2016 වසරේ දිනදර්ශනවල දෙසැම්බර් 12 සඳුදා රජයේ, බැංකු සහ වෙළඳ නිවාඩු දිනයක් ලෙස සටහන් කිරීමට හේතුව නබිනායක තුමන් ගේ උපන්දිනයයි. කෙසේ වෙතත් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව ඉකුත් දිනක, මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය වෙත දන්වා එවා ඇත්තේ නබිතුමන්ගේ උපන්දිනය (12දා සඳ දැකිය නොහැකි බැවින්) දෙසැම්බර් 13 පුන්පුර පසළොස්වක දිනටම යෙදෙනා බවයි.

ඒ අනුව මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය ස්වදේශකටයතු අමාත්‍යංශය වෙත දන්වා ඇත්තේ නබි තුමන්ගේ උපන්දිනය 12දා නොයෙදෙන බවය. ඒ අනුව 12 නිවාඩුව අවලංගු කිරීමට ඉඩකඩ ඇති බැවින් සහ එසේ වුවහොත් ජනතාව දින දර්ශනයේ නිවාඩු අනුව කාලයක් තිස්සේ සැලසුම් කළ කටයුතු රැසක් වෙනස්වීමෙන් ඇතිවන අපහසුතාවය වළක්වා ගැනීම උදෙසා, මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශ නැවත වරක් ලිපියක් මගින් 12දා නිවාඩුව අවලංගු නොකරනමෙන් ස්වදේශකටයතු අමාත්‍යංශය වෙත දැනුම්දී ඇති බවයි වාර්තා වන්නෙ.