Saturday, April 20, 2024

General line - 0115112241

රතු කාඩ්පත් ක‍්‍රමය ක‍්‍රිකට් ක‍්‍රීඩාවටත්




පාපන්දු සහ රග්බි වැනි ක‍්‍රීඩාවන් සඳහා දැනටමත් භාවිත කෙරෙන රතු කාඩ්පත් ක‍්‍රමය ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ද හඳුන්වා දීමට අවධානය යොමුව තිබෙනවා.

පිටිය තුළ නොහික්මුණු ලෙස හැසිරෙන ක‍්‍රීඩකයින්ට රතු කාඩ්පත පෙන්වා ඔවුන් පිටියෙන් ඉවත් කිරීමට විනිසුරුවරුන්ට මේ අනුව බලය ලැබෙනු ඇති.

විනිසුරුට තර්ජනය කිරීම සහ ශාරීරක වද හිංසා සිදු කිරීම වැනි ක‍්‍රියා නොහික්මුණු හැසිරීම් ලෙස අර්ථදැක්වීමට ද අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය අදහස් කරනවා. මෙම ක‍්‍රමය ලබන ඔක්තෝබර් මාසයේ සිට හඳුන්වා දීමටයි තීරණය වී තිබෙන්නේ.

ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දී නොහිමුණු ලෙස හැසිරෙන ක‍්‍රීඩකයින් සම්බන්ධයෙන් දැනට තිබෙන ක‍්‍රමය අනුව විනය පියවර ගත හැකි වන්නේ තරගය අවසන් වීමෙන් පසුවයි. විනිසුරුවරුන් අදාළ හැසිරීම පිළිබඳ තරග තීරකවරයාට පැමිණිලි කළ යුතු වන අතර විනය පියවර ගැනීම ඒ අනුව සිදු වනවා.

එහෙත් හඳුන්වාදෙන නව ක‍්‍රමය නිසා තරගය අතරතුරම ක‍්‍රීඩකයින්ගේ නොහික්මුණු හැසිරීම් සම්බන්ධයෙන් විනය පියවර ගනු ඇති.